Thursday, May 20, 2010

මලානිකවු කුසුම............


මලානිකවු කුසුමකට,
මහත් සෙනෙහෙන් පෙම්බැදි,
තවද එක් සමයෙක සිදුවු කතාවයි මේ,
ගලායන කවිය නුඹෙ සුවදින් තනන්නට,
වෙර දරන මා......
ඉකිගසන නීල අහසේ,
නුඹේ රුව සිත්තම් කරන්නට,
වෙර දරන මා,
රැ අහසේ දිදුලන,
නීල තරුවලට,
මම කියපු නුඹෙ සෙනෙහේ ගැන,
නුඹ දන්නවාද කෙතරම්ද කියා,
සද මඩලේ නුඹෙ රුව කැටයම් කර,
සිහින ලොවක් මම තැනු,
එ සිහිනයේ ඔබ හිදින්නේ කොයි බදද?
සොයගන්නට බැරිවුනු,
පරජිත වු කෙනෙක් නොවෙම්දො මා...........

0 comments:

Post a Comment