
කතාව ගලා යන්නේ පුදුමාකාරවු සිතුවිලි වල ගිලිහෙමිනි.අතීතයේ මතකයන් එකිනෙක නෙත් ඉදිරියේ මැවෙන්නට විය.මා පලමු වරට ඇය දුටු දිනයද,ඒ සොදුරු සිතුවම සිහිවෙද්දි එක් සියුම් වෙදනාවක් හිත තුල කියන්නට නොහැකිව හිරවෙන්නට විය.එහෙත් ඒ වෙදනාව මා මිතුරන්ට කියන්නට සැරසුනෙමි.එය තවද එක් පෙම්කතාවක් යැයි පවසිමට නොහැක මන්ද එහි වේදනාව දැනේනේ එය අත් දුටු කෙනෙක්ටය.මේ ජිවිතය හරිම සුන්දරයි හුගාක් සුන්දරයි.මෙසේ සතුටින් සල්මාන් ගේ ජිවිතය ගෙවෙන්නට විය,සල්මාන් ඉතා වෙනස්වු තරුණයකි ඔහු සැමවිටම ඉතා සතුටින් කල් ගෙවිය.සැම අතින්ම දක්ෂයෙක් විය.ඔහු හට දුටුවන් වසගකරගැනිමට තරම් ආකර්ෂනිය බවක් ඔහු තුල විය.හ්ම් මෙසේ සල්මාන්,ගේ ජිවිතය ගෙවේන්නට විය.හදිස්සියෙම ඔහු ගේ සුන්දර දිවියට මොසම් සුලගක් හමාගියේය.මන්ද තරුෂිගේ පැමිනිම ඔහුගේ යොවුන් සිත කලඹන්නට විය.සල්මාන් කිසිදිනකවත් නොහදුනන මැය ගැන තතු සොයන්නට විය.ඇය තම පාසලට අලුතින් පැමිනි කුසුම් මිස් ගේ දුව බව ඔහුට සැලවිය.ඔහු ඇයට ලන්විමට මාන බැලිය.එහෙත් ඇයට ලන්විම තම ජාතියට පිටුපැම බව ඔහු දන්නේය.එහෙත් කුමක් කරන්නද මල්සරා ඔහුගේ හදට මල්හී විද හමාරය.ඔහු නොදැනිම ඔහු තුල තරුෂි පිලිබද වෙනස්වු හැගිමක් ඔහුටත් හොරා නැගෙන්නට විය. එදා සදුදා දිනයක් වු නිසා සැමට කලින්ම පාසලට පැමිනිය.ඔහු තම පොත් බැගය තැබිමට හෙමින් සින්දුවක් මුමුනමින් පන්තියට ඇතුල්විය..දුටු දසුනෙන් ඔහු මවිතවිය ඇය පලමුවතාවට සල්මාන් හා කතා කලේය.ඔහු ඇගේ තාලයකට නටන නෙත් දෙස එක එල්ලේ බලා හිදිය ඔහුට සිතුනේ දෙව්ලියක් තම අබියස එක් රැගුමක් නටන අයුරිනි.කේසේහො ඔහු වචන එකිනෙක ගලපා කතා කරන්නට විය.ඇය ඇසුවේ දේශපාලන විද්යාව විෂයේ පැවරුම් කලාදැයි යනුවෙනි.එහෙත් සිදුවුයේ වෙනස් දෙයකි සල්මාන් ඇයදෙස එක එල්ලේ බලාහිද කවියක් ගලපන්නට විය.එය ඔහු නොදැනිම මතුවන්නට විය.
නීල නෙතු මා දෙස යොමා,
ම දෙස බලන නුඹේ අහින්සක නෙත් යුග දෙස,
මා කුමක් කියම්දො,
සුරගනක් මා අබියස,
රගන රැගුම කෙසේ කියම්දො....
ඇගේ ප්‍රශ්නයට ඔහු, ඔව් යැයි පිලිතුරු දුන්නෙය.එහෙත් ඇය පැවසුවේ ඇයට එම පැවරුම නොහැටේන වගය.කෙසේහො පද ගලපා ඇය ට ඔහු එම විශය කියාදුන්නේය.පාසල් සීනුව නාදවිය.දැන් වෙලාව පාසල් උදේ රැස්විම පටන් ගැනිම සදහාය.සීනුව නාද වු විගසම සල්මාන් කලබල විය.මන්ද අද ඔහු උදය රැස්විමේ ගියක් ගායනා කලයුතු බව පන්ති බාර ගුරුතුමා පවසා තිබු නිසාවේනි.
සල්මාන් ට එය අමතක වී ගොස් තිබුනි.රැස්විම පටන්ගන්නා තැනට ගොස් ඔහු සිත සිතා හිදියෙය.ඔහුගේ සවනට වැකුනේ සල්මාන් මොහොමඩ් යන නමය .ඔහු කෙසේ හො සිත දැඩි කරගෙන වෙදිකාවට නැග්ගේය....

2 comments:
මා ගේ ප්‍රථම කථාවයි.......
munna.....
wow milliya keep it up
Post a Comment