
කෙසේහො වෙදිකාවට නැගගත් සල්මාන් බිරාන්ත වුවෙකු මෙන් වටපිට බලන්නට විය.ගියක් ගායානා කල යුතුව තිබුනද මේ වෙලාවේ කිසිවක් මතකයට නොපැමිනේ....හ්ම් තරුෂි මා දෙස නෙත් යොමා ඇති බව දුටුවෙමි.කෙසේ පවසම්ද මට නොදැනිම ගිතයක් කියවෙන්නට විය.
ඔබ දුටු ඒ මුල් දිනේ..සිදුවුනු සැමදේ.....
තවමත් මගේ මතකයේ රැදේ,
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ,
කුමක් කියන්නටද සැරසුනේ.....
අවසන් කොටස ගායනා කරද්දි ඔහු ට නොදැනි ඔහු තම අත ඇය වෙත දික්කලේය.අහ්හාහ්හහ් සිරුවෙන් ස්තුති යැයි පවසා ඔහු ලැජ්ජාවෙන් වෙදිකාවේන් බැස පැමිනියේය.පසුව සුපුරුදු පරිදි ඉගෙනුම් කටයුතු ඇරඹිම තම පන්තිකාමරයට ගියේය.එතනදි මහත් ඝොෂාවකින් සල්මාන් ගේ මිතුරන් ඔහු පිලිගත්තේය.මෙන්න කලාකාරයා ඇවිල්ලා අද කාව දැක්කද දන්නේ නැ..එක පාරටම හිතපු නැති සින්දුවක් කිව්වෙ යැයි අමන්දි විහිලුවක් කලේය.මම කාටවත් කිව්වේ නැ යැයි.ඔහු පැවසුවෙය.එහෙත් කියන්නට බොහොදේ තිබුනත් කියන්නට නොහැකිව ලතවේන සල්මාන් ගේ සිත ගැන දන්නේ සල්මාන් පමනි.තරුෂි ලගට පැමින සල්මාන් හා කතා කලේය.ඔයා මාරයිනේ.හොදට සින්දු කිව්වානේ.එත් අන්තිමට මොකො මගේ පැත්තට අත දික්කලේ යැයි ඇය ඇසිය.සල්මාන් තුශ්නිම්බුත විය.නෑ දන්නේ නැද්ද අපිත් ඉතින් සුපස්ටාර් ලා වගේ අත දික්කරලා කියන්න එපාය.කොහොමද .හොදයි හොදයි යැයි ඇය පවසන විටම ගුරුතුමා පැමිනියෙය.සල්මාන් තරුෂිගේ මුදුවු ඔඩිකොලොන් සුවද ඇයට හොරා ආඝ්‍රනය කරමින් හිදියේය.සල්මාන් ගේ සිත තුල තරුෂි පිලිබද කියන්නට නොහැකිවුනු අහින්සක පැතුමක් මතුවෙන්නට විය.
තහනම් වු මල් පෙති,
සිඹින්න වෙර දරන,
බොලද සමනලයෙකු,
නොවෙම් ද මා.........
සල්මාන් නොදැනිම කවියක් ගලපන්නට විය.....

0 comments:
Post a Comment