Thursday, May 27, 2010

තහනම් වු සුරන්ගනාවිය............


එසේ දිනගනන් ඔහු නොදැනිම ගෙවි යන්නට විය.ජිවිතයේ කිසිදා නොවුවිරු හැගුමන් ඔහු තුල පැනනගින්නට විය.ජිවිතය ගුප්ත බවකින්ද එතුලින් පිලිඹිබුවු සුන්දරත්වයකින් ද සල්මාන් මහත් කැලඹිමට පත්ව තිබුනි.එදා සල්මාන් හවස පන්ති යෑම සදහා පැමිනෙන්නට විය.සල්මාන් හට තරුෂි හම්බවිය.ඔහු ඇය හා කතා කලේය.එහෙත් ඔහු කතා කලේ ඉතා කලබල ගතියකිනි.ඇය ඉතා අලන්කාරවු යුවතියක් බව සල්මාන් ට දැනුනි.ඇගේ සුසිනිදු දෙතොල් වල ඇති මුදු ගතිය.ඇගේ නීල නෙත් වලින් දුටුවන් ආකර්ෂනයට පත් විය.ඇය හා කතා කල සල්මාන් තමා පන්තියට යන බවත් තරුෂි කොහෙද යන්නේ යැයි කියා ඇසිය.ඇය පැවසුවේ ඇගේ පියා ගේ කාර්යල‍යට යන බවය.ඇය හා කතා කරමින් සිටිද්දිම සල්මාන් ගේ පන්ති‍යෑම සදහා බස් රිය පැමිනෙන්නට විය.ඔහු ඇගෙන් සමුගෙන බස් රිය වෙත දුව ගියෙය.ඇය සල්මාන් යන දෙසම බලා හිදියාය.සල්මාන් ද ඇය දෙස කෙතරම් වෙලවක් බලාගෙන සිටියාද යැයි කිව නොහැක.විවිදාකරවු සිතුවිලි වලින් පිරුනු සල්මාන් බස රියේ අසුනක වාඩිවි හිස හොවා ගත්තේය.බස් රියේ ගමන් කරමින් හිදිද්දි ඔහුටම ගැලපෙන සින්දුවක් ඇසෙන්නට විය.

ඔබ කවුරුදො......
කාගේ කුමරිදො....
නුඹ මගේ ලොවට හිමිවෙවිදො.....

කෙසේ හො පන්තිය ලගට පැමිනි සල්මාන් වටපිට බැලුවේ ඔහුගේ මිතුරන් සොයා ගන්නා අටියෙනි.පිටු පසින් පැමිනි මාටියා සල්මාන් ගේ කරට අත දමා යන් දැන් පරක්කුවෙලා...යැයි කියමින් සල්මාන් ඇද ගෙන ගියෙය.එහෙත් සල්මාන් තරුෂි ගේ මතකයහිම හිදින්නට විය.

0 comments:

Post a Comment