Sunday, May 30, 2010

තහනම් වු සුරන්ගනාවිය...............


පන්තියට ගියද සිත තුල ඇදුනේ තරුෂි ගේ සොදුරු සිතුවමය.ඇගේ දෙනෙත් සිත තුලම ඇදි තිබුනි.ඇගේ මතකය ඔහුගේ සිත තුල මහත් ලෙසින් කැටයම්ව තිබුනි. සල්මාන් ගේ යොවුන් සිත ට තරුෂිගේ මතකය මහත් කැලඹිමක් ඇති කලේය.එය වචනයෙන් කිවනොහැක එය මා පැවසුවද ඔබලා ට තේරුම් ගත නොහැක.මන්ද සල්මාන් ට නොදැනි සල්මාන් ගේ සිත තුල ආදරයක් ඇතිවෙමින් තිබුනි.හ්ම් හ්ම් ජිවිතය කෙසේ ගලා ගියද එය පුදුමය.ජිවිතය තුල මහත් වෙහෙසක් ද එ තුලම සැගවුනු සතුටක් ද ඇත.පන්තිය තුල සිටියද සිත කොහෙදො?දුර ඈත තැනක සැගවි තිබුනි.එය කෙසේ විස්තර කල හැකිද?පන්තිය තුල හිදින්නට මහත් අසහනයක් දැනෙන්නට විය.මන්ද සිත එක්තැන් කල නොහැකි තැනක් හිදින්නට අමාරුය.පන්ති අරින වෙලාව එනකම් කෙසේ හො ඇඹරි ඇඹරි සිටි මා පන්තිය ඇරුනු විගසම මිටින් හල කුරුල්ලෙකු මේන් ඉගිල ගියෙමි.මා එනතුරු බලා හිදි සැමදේකටම අත හිත දෙන මා ගේ මිත්‍රයා වු මාටියා (මාටියා යනු මා විසින් ඔහුට තැබු නමය ) ඔහු ගේ නම රන්දුල්ය.ඔහු මා ගේ සැම මිත්‍රයෙකුට වඩා වෙනස් හිත ඇත්තෙක් විය.අප දෙදෙනා බස් නැවතුම වෙත පියමන් කලෙමු.ඔහුට මා තරුෂි ගැන පැවසුවෙමි.ඔහු ඉතා සතුටට පත්විය.ඔහු පැවසුවේ ...ආදරය සුන්දර වරදකි......
කිසිදා සමාවක් නම් නැතේ.....යනුවෙනි.මට සිනහ පහල විය.එයට හේතුව නම් මා නොදත්තේමි.මා ඉන්පසු ඔහු හා විහිලු කරමින් ගියෙමි.ඈත තරුෂි ගේ රුවක් ඇදෙන අයුරු දිටිමි.එහෙත් මා සිතුවේ එය මා සිත තුල ඇදි මායාවක් කියාය.එහෙත් ඒ තරුෂිමය.මා තව තව නෙතු අයා ඇය ම දැයි බැලුවෙමි.තරුෂිමය ඒ තරුෂිමය.එහෙත් ඇය හා සිටින එම තරුණයා කව්ද? මා ඇය දුටු වහාම සැගවුනෙමි.මා හට තේරුම් ගත නොහැක.ඒ කව්ද? සිත දෙගිඩියාවේන් පැලේන්නට විය.රන්දුල් මා ගේ ක්ෂනික වෙනස්විම දිටිය.ඔහු අසන්නට පෙරම මා ඇය තරුෂි යැයි කිවෙමි.එහෙත් ඔහු කව්ද...තරුෂි අප සිටින තැනට ලන්වෙමින් හිදියාය.මා සිත දැඩි කරගෙන ඇය ඉදිරියට ගියෙමි.ඇය මා දුටු වහාම කලබල විය.එහෙත් මා කිසිවක් පෙන්නුම් නොකර ඇය හා මොඩයෙකු සේ සිනාසුනෙමි.මා දන්නා තරමින් මට ඒ වෙලාවේ කල හැකිවුනේ එය පමනි.ඇය සිනාසෙමින් මා හා කතා කිරිමට පැමිනියෙය....

0 comments:

Post a Comment