Tuesday, June 1, 2010

තහනම් වු සුරන්ගනාවිය...............


සිත ට දැනෙන්නේ දැඩි අපහසුතාවයකි.එය පැවසිය නොහැක තේරුම් ගැනිමට වෙර දැරුවද.එය තේරුම් ගත නොහැක.ඇය ඉදිරියට පැමින මේ ඉන්නේ මහෙෂ් යැයි මට හදුන්වාදුන්නේය.මා ඉතා අසරනව සිනාසුනෙමි.ඒ සිනාව තුල සැගවුනු දුක රන්දුල් හට දැනි ඇති බව මා සිතුවෙමි.මන්ද එතැන මගේ සිත තේරුම් ගැනිමට තරම් සිතක් ඇති පුද්ගලයා වු යේ ඔහු පමනි.තරුෂි මා හා කතා කලෙය.මහෙෂ් ද මා හා ඉතා කුලුපගව කතා කලේය.ඔවුන් ටවුන් එකට ආ බවත් මහෙෂ් ගේ මිතුරෙකු හමුවිම සදහා යන බවත් මා හට පැවසිය.මා ඔවුන් කියු සැමදෙටම ඔලුව වැනුවෙමි.මා හට කරන්නට හැකිව තිබුනේ එය පමනි.ඔවුන් අපේන් සමුගෙන ගියොය.මා ඇය යන මග නෙතු අයා බල හිදියෙමි.ඇගේ සොදුරු සිතුවම මා නෙත් මායිමෙන් බොදවි යනතුරුම මා බලාහිදියෙමි.කිසිත් නොතේරේ.සිත තුල මහත් කැලඹිමකි.මා හට ප්‍රථම වරට ප්‍රේමයේ විරහව දැනුනි.මා ගේ කෙලිලොල් සිතට හැඩිමටත් හැකිබව මා එදා දැනගත්තෙමි.මගේ සෙල්ලක්කාර යොවුන්විය ම පලමු වරට හැඩු දිනය එදා විය.ඇත්තටම ප්‍රේමය නම් පුදුමය.මා හට කිසිත් නොතෙරේ,හිදින්නේ කොහිදැයි මා හට නොදැනේ.මා උන්මන්තකයෙකු ලෙස පත් වි ඉන්නෙමි.මා පෙම් කල ඇත්තේ මිරිගුවකට බව මා ගේ සිතට දැනුනි.එහෙත් මිරිගුවද මැකියන්නේ ලන්වුවිටය.එහේත් තරුෂි වෙන්වි ගියේ මා ඇයට ලන්විමටත් කලින්ය.ඇය මගේ කරගන්නට සිතුදිනම ඇය මට තහනම් විය.මා රන්දුල් ගෙන් වෙන්වි දිව ආයෙමි.මා බසයක නැගි ගෙදරට යෑම සදහා පිටවුනෙමි.එහෙත් සිත තුල තරුෂි ගේ මතකයේම ඇදුනි.මා ඇයට පෙම් කල බව දන්නේ තනිවුනු මගේ සිත පමනි.මා සිතුවිලි මාලාවක හිරවෙමින් නිවසට පැමිනියෙමි.ගෙදරට පැමිනියද සිත මට අවනත නැත.කිසිත් නොතෙරේ.අම්මා මා කතා කලාය.එහෙත් ආහාර ගැනිමට තරම් සිතක් මා තුල නොවිය.මන්ද ඇගේ මතකය මා සිත කලබා තිබුනිසාවෙනි.ගෙදරට පැමිනි විගසම මා හාන්සිවුයෙමි.මහත් තෙහෙට්ටු ගතියක් දැනුනි.පල්ලේහා ගෙදර සදුන් අය්යලාගේ ගෙදර උත්සවයකි.මා හට එයට සහබාගිවෙන්න යැයි ඔහු කල ඉල්ලිම මට කල නොහැකිවිය.හින්හඩකින් ගියක් ඇසෙන්නට විය.එයට සෙමින් සවන්යොමු කලෙමි.අමරසිරි පිරිස් ගේ ඉරිතැලුනුවලා.....මුදු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ....
යමු යමු යමු ඇවිද යමු ප්‍රේමියේ...සිව් දෙසින් හමා එන සෙනග රවටමින්.....
වටපිටේ සිරුවට විදුලි ඇස් සිනාසේවි.....නොරැවටි යන්න යමු කහ ඉරේන් එතෙර විලා.....
ගිතයට සවන් යොමුකරමින් ම මා හට නින්ද ගියේය.

0 comments:

Post a Comment